කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද
හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය යනුවෙන් ආදි කාලයේ
පඬිවරුන්
කීවේ කට කසනවාටද ?
ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම
ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය
කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි.
ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම
බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි.
එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම වැදගත් මාතෘකාව
පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප
කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.





















































































































